ජනපති ඇතුළු ආණ්ඩුවට මින් පසු අපහාස තහනම් ! දඩුවම වසර 10යි !ඇමති වටගලගෙන් පොලීසියට උපදෙස් Featured

Published in පුවත්
Wednesday, 03 December 2025 12:06

සමාජ මාධ්‍යවල ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රචාරයන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා පොලීසියට උපදෙස් ලබා දී තිබේ.

පොලිස් නිලධාරීන් සමඟ පැවති රැස්වීමකදී ඔහු මෙම උපදෙස් ලබා දුනි.

"සමාජ මධ්‍ය ගත්තාම ඉතාම නරක විදිහට ජනාධිපතිවරයාටත් ඇතැම් දේශපාලන අධිකාරයේ තෝරාගත් කිහිපදෙනෙක්ට පදනම් විරහිත මඩ ප්‍රහාරයන් එල්ලකරමින් යනවා. එතකොට මේක තව වර්ධනය වෙන්න පුළුවන්. මේක දැන් විදෙස්ගතව ඉන්න පුද්ගලයෝ සමාජ මාධ්‍යවල මේක විශේෂයෙන් කරන්නේ. මේක සාමාන්‍යකරණ වෙන්න පුළුවන් තව දවසක් දෙකක් යනකොට රටේ මහජන ආරක්ෂක පනතේ පස්වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග, හදිසි අවස්ථා රෙගුලාසි එතකොට මේ හදිස අවස්ථා රෙගුලාසිවල පැහැදිලිවම මේ තත්ත්වය ආවරණය කරලා තියෙනවා. හෞතිකව, online මගින්, AI තාක්ෂණය මගින් ඒ ආකාරයේ කිසිදු දෙයකින් මේ ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් අසත්‍ය අදහස්, විකෘති කිරීම්, මේ තත්ත්වය අඩාල කිරීමේ අර්ථයෙන් කිසිදු කෙනෙකුට එහෙම ප්‍රචාර කටයුත්තක් කරන්න බැහැ. එහෙම කරන කෙනෙකුට අවුරුදු 05කට වැඩි සිරඬුවමක් දෙන්න හැකියාව තියෙනවා. ඊට අමතර වැරදිවලට අවුරුදු 10 දක්වා සිරඬුවම් දෙන තැනකට ගෙන්න පුළුවන්."

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, "අද සමාජ මාධ්‍ය බැලුවහම ජනාධිපතිවරයාට එල්ලකරලා තියෙන ප්‍රහාර ඇත්ත වශයෙන්ම මනුෂ්‍යයෙක් හැටියට මේක ධරාගන්නත් බැහැ. ඒ තරම් මේ සමාජය විතෘති කිරීමේ අර්ථියෙන්, විකෘත්ති මානසිකත්වයෙන් කටයුතු කරන පිරිසක් ඉන්නවා. අපි ආණ්ඩුවක් ලෙස ඉහළම, හොඳම ආදර්ශය සපයලා තියෙනවා රටේ මහජන ආරක්ෂාව වෙනුවෙන්. එහෙම තියෙන වටපිටාවක් ඇතුළේ තමයි මේ මහජන මතය විකෘර්ති කිරීමේ අරමුණෙන් මේක කරන්නේ. ඒ නිසා අපි කියනවා රටේ නීතියක් තියෙනවා. ඒ නීතියට අනුව කටයුතු සියලුම පුරවැසියන් බැඳිලා ඉන්නවා. එසේ නොකරන පුරවැසියන් සම්බන්ධයෙන් අපට ඉහළම නීතිමය ක්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා." යනුවෙනි.

-ada derana news

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us