කතරගම දේවාලයේ 13 වැනි බස්නායක නිළ වරණය හෙට

Published in පුවත්
Monday, 08 December 2025 11:04

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 13 වැනි බස්නායක නිළමේවරයා ( නිළවරණයෙන්) තොරාපත් කර ගැනීමේ නිළ වරණය හෙට (09) මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පෙරවරු 10ට බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා ගේ අධික්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.

මේ වන විට දෙවිනුවර මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මධුසංඛ මහතා කතරගම වැඩ බලන බස්නායක නිළමේ සේවයේ සිටින අතර ඔහුද නිළවරණයට ඉදිරිපත් වේ.

කතරගම දේවාලයේ බස්නායක නිළවරණය සදහා ඡන්ද දායකත්වය සදහා ඇත්තේ කතරගම වැඩසිටි කන්ද රාජමහා විහාරය ,කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය , ශ්‍රී අභිණවාරාම විහාරය, සෙල්ල කතරගම මහාසෙන් රාජමහා විහාරය , කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ, බිබිළ කොටබෝව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිළමේ වරයාගේ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් වරුන් 11 දෙනාගේ ඡන්ද 17 තුලින්ය.

කතරගම දේවාලයේ නිර්මතෘ වු දුටුගැමුණු මහා රජතුමා දේවාලය ස්කන්ධය දෙවියන්ට පුජා කර ප්‍රථම නිළමේ වරයා ලෙස තම මාමාණඩියකු ( මහා බේත්මේ) පත් කළ බව ඉතිහාස කතා වල සඳහන් වෙයි.

මෙම නිළය පාරම්පරික පැවත පැමිණි අතර 1921 දි බි.ජි.උල්විට බණ්ඩාරනායක නිළමේ වරයාගෙන් පාරම්පරික පැමිණි නිළමේ තනතුර නිමාවිය.

රට අත්පත් කරගෙන සිටි ඉංග්‍රීසින් දේවාල විහාර නින්දගම් පාලනය සදහා පනතක් සම්මත කරගත් අතර ඔහුගේ අභිමානය පරිදි පුද්ගලයකු තෙරා පත් කර ගැනීමට ක්‍රියා කෙරිණි.

ඒ අනුව රජයේ නියෝජිතයන් ලෙස ප්‍රාදේශීය ලේකම් වරුන් වෙත (අතිීතයේ ගම්මුලාදෑනි) ඡන්දය දිමට පියවර ගෙන තිබේ

ඒ අනුව 13 වැනි බස්නායක වරයා තෝරා පත් කර ගැනීම හෙට සිදුවේ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us