අයහපත් කාලගුණයෙන් උසස් පෙළ සිසුන් ලක්ෂයක් ආප­දා­වට

Published in පුවත්
Tuesday, 09 December 2025 07:30

සුළි කුණාටු තත්ත්වය නිසා දැඩි ලෙස ආප­දා­වට පත්වූ පළාත් පහ තුළ උසස් පෙළ විභා­ග­යට මුහුණ දෙන සිසුන් එක් ලක්ෂ දාහක් (101000) පමණ සිටින අතර එම සිසු­න්ගෙන් පිරි­සක් ඍජු­වම ආප­දා­වට ලක් වූ බවත් අනෙක් පිරිස එසේ ආප­දා­වට ලක්ව නොමැති බවත් විභාග කොම­සා­රිස් ජන­රාල් ඉන්දිකා ලිය­නගේ මහ­ත්මිය “දින­මිණ” ට ඊයේ (08) පැව­සු­වාය.

මධ්‍යම, උතුර, උතු­රු­මැද, ඌව, නැඟෙ­න­හිර පළාත් පහ දැඩි ලෙස ආප­දා­වට ලක්ව ඇති අතර එම පළාත් තුළ මෙම සිසුන් පිරිස සිටින බව ද ඒ මහ­ත්මිය පැව­සු­වාය.

උසස් පෙළ විභා­ග­යට මුහුණ දෙන සිසු­න්ගෙන් ඍජු­වම ආප­දා­වට ලක්ව සිටින සිසුන් සම්බ­න්ධ­යෙන් දත්ත, තොර­තුරු කඩි­න­මින් එක්රැස් කර ගැනීමේ ක්‍රියා­ව­ලිය මේ වන විට ක්‍රියා­ත්මක බවත් ඇතැම් දරු­වන්ගේ තොර­තුරු නොලැ­බෙන අතර දරු­වන්ගේ දත්ත ලබා­ගන්නා තෙක් උසස් පෙළ විභා­ගය පැවැ­ත්වීමේ දින­යක් නියම කළ නොහැකි බවත් ඇය ප්‍රකාශ කළාය.

විභා­ගය පැවැ­ත්වෙන දිනය තීර­ණය කර නොමැති වුවත් කෙසේ හෝ ජන­වාරි මාසය තුළදී විභා­ගය පැවැ­ත්වී­මට පිය­වර ගන්නා බව ද ඇය පැව­සු­වාය.

ඇති වූ හදිසි ආපදා තත්ත්ව­යෙන් මෙවර උසස් පෙළ විභා­ග­යට මුහුණ දුන් දරු­වන් කිහි­ප­දෙ­නකු මර­ණ­යට පත්ව ඇති බවට තොර­තුරු වාර්තා වන බවත් තවත් දරු­වන්ට තුවාල සිදුව ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

තවත් දරු­වන් අතු­රු­දන් වී ඇති බවත් තවත් දරු­වන් ආර­ක්ෂිත මධ්‍ය­ස්ථා­න­වල සුර­ක්ෂි­තව සිටින බව­ටත් තොර­තුරු වාර්තා වන අතර එම තොර­තුරු තහ­වුරු කර ගැනීමේ ක්‍රියා­ව­ලිය කඩි­න­මින් සිදු කෙරෙ­මින් පව­තින බව ද ඒ මහ­ත්මිය පැව­සු­වාය.

ආප­දා­වට ලක්ව සිටින මෙවර උසස් පෙළ විභා­ග­යට මුහුණ දෙන පාසල් අය­දු­ම්ක­රු­වන් සහ පෞද්ග­ලික අය­දු­ම්ක­රු­වන් සම්බ­න්ධ­යෙන් යම් තොර­තු­රක් දන්නේ නම් ඒ බව ළඟම ඇති කලාප අධ්‍යා­පන කාර්යා­ල­යට හෝ 1911 කෙටි දුර­ක­තන අංක­යට දැනුම් දිය හැකි බව ද ඇය ප්‍රකාශ කළාය.

ආප­දා­වට ලක්ව සිටින සිසුන් සියලු දෙනා­ගේම තොර­තුරු කඩි­න­මින් සොයා­ගෙන ඉන් අන­තු­රුව ජන­වාරි මාසය තුළ අනි­වා­ර්ය­යෙන්ම උසස් පෙළ විභා­ගයේ ඉතිරි කොටස පැවැ­ත්වෙන බවත් එම නිසා දිනය ප්‍රකාශ කරන තෙක් බලා නොසිට ජන­වාරි මාසය ඉලක්ක කර­ගෙන සිය­ලුම දෙනාට විභා­ග­යට සූදා­නම් වන ලෙසට දැනුම් දෙන බවත් ඇය සඳ­හන් කළාය.

දැනට ආර­ක්ෂිත මධ්‍ය­ස්ථා­න­වල සුර­ක්ෂි­තව සිටින උසස් පෙළ විභා­ග­යට පෙනී සිටින දරු­වන්ට අවශ්‍ය සට­හන් යනාදී සියලු පහ­සු­කම් ලබා­දී­මට සිය­ලු­දෙනා උප­රි­ම­යෙන් කට­යුතු කළ යුතු බව ද ඇය මතක් කළාය.

පෞද්ග­ලික අය­දු­ම්ක­රු­වන් සිටින්නේ නම් ඔවුන්ට පව­තින ගැටලු සම්බ­න්ධ­යෙන් තොර­තුරු, හැඳු­නු­ම්පත් අංක­යත් සමඟ 1911 ක්ෂණික දුර­ක­තන අංක­යට කතා කර දැනුම් දිය යුතු බව ද ඒ මහ­ත්මිය කියා සිටි­යාය.

උසස් පෙළ පැවැති දින­යන්හි විභා­ග­යට මුහුණ දුන් දරු­වන්ගේ පිළි­තුරු පත්‍ර ඉතාම සුර­ක්ෂි­තව පව­තින බවත් ඒවායේ මූලික ඇගැ­යීම් කට­යුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ඇය පැව­සු­වාය.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us