මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක බෞද්ධ සහයෝගීතාවයේ (WFB) ශ්‍රී ලංකා කලාපීය මධ්‍යස්ථානය වෙනුවෙන් එහි සභාපති ආචාර්ය සුදත් දේවපුර මහතා, ජාත්‍යන්තර කටයුතු නියෝජිත උප සභාපති නිෂාන් සේනාරත්න ද සිල්වා මහතා , උප සභාපති ජගත් සුමතිපාල ඇතුළු පිරිසක් සහභාගී විය.
දීර්ඝ කාලයක් සංවිධානාත්මක අක්‍රියතාවයක තිබු ලෝක බෞද්ධ සහයෝගීතා වේදිකාවට ශ්‍රී ලංකාව නියෝජනය මෙවර නියෝජිතයන් සහභාගී වීම ඉතිහාසිකව හා සංකේතාත්මකව වැදගත් අවස්ථාවක් ලෙස සනිටුහන් වන බව නිෂාන් සේනාරත්න ද සිල්වා මහතා පවසා සිටියේය.

දියමන්ති ජුබිලි සැමරුම සඳහා ලොව පුරා බෞද්ධ නායකයින්, ජාත්‍යන්තර නියෝජිතයින්, භික්ෂූන් වහන්සේලා, විද්වතුන් සහ මානුෂීය සංවිධාන එක්රැස් කර ඇත්තේ වසර 75 ක අධ්‍යාත්මික සහයෝගීතාව, සංස්කෘතික එකමුතුකම සහ ගෝලීය සේවය පිළිබිඹු කිරීම සඳහා ය.
මෙහි දී ප්‍රදර්ශන, කවුන්සිල රැස්වීම්, මණ්ඩල සාකච්ඡා සහ සංස්කෘතික ප්‍රදර්ශන ආදිය ජාත්‍යන්තර බෞද්ධ ප්‍රජාවේ විවිධත්වය සහ ශක්තිය ඉස්මතු කර තිබිණි.
මෙම සමුළුවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දක්වමින් ආචාර්ය සුදත් දේවපුර මහතා නැවත ලෝක බෞද්ධ සහයෝගීතාවය සමඟ සම්බන්ධ වීමේ වැදගත්කම අවධාරණය කළේය.

