ගංවතුරට හේතුව හරිනි සොයාගනියි

Published in පුවත්
Wednesday, 10 December 2025 07:18

කොළඹ නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පෞද්ගලික දේශපාලන අවශ්‍යතා මත අනවසර ඉදිකිරීම් සිදුකිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසන්නීය.

කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

"කොළඹ දිස්ත්‍රික්කය තුළ හරි සැලසුම් නැතුව එක එක දේශපාලන න්‍යාය පත්‍ර මත, අතිශ්‍යයින්ම පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර තුළ ගත්තු තීරණ නිසා තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මේ විදියට අවදානම් තත්ත්වයකට මුහුණදීලා තියෙන්නේ කියන එක ඉතාම පැහැදිලියි. ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු විදියට මින් ඉදිරියට මේ විදියට අනවසර ඉදිකිරීම් ඒ වගේම අවදානම් සහිත තැන්වල මේ විදියට ජනතාවට ඉදිකිරීම් කරන්න මෙවැනි තත්ත්වයන්වලට කිසිසේත්ම ඉඩතියන්නේ නෑ කියන එක අපි තහවුරු කළා. කොළඹ දිස්ත්‍රික්කය තුළ අවදානම් සහිත ප්‍රදේශවල ඉන්න ජනතාවට විකල්පයන් ගත යුතුයි කියලා අපි සාකච්ඡා කළා."

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ, කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා පොදු සැලැස්මක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවය.

"අපිට සැලසුමක් නැතිව නීතිරීති ගැන කිසිම තක්සේරුවක් නැතුව කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය කියන නාමයෙන් අනවසර ඉදිකිරීම් කරන්නත් ජනාවාස හදන්නත් ඉඩදෙන්න බෑ. ඒ නිසා කොළඹ ජනතාවගේ ආරක්ෂාව තහවුරු වෙන විදියට, කොළඹ ජනතාවට වාර්ෂිකව ගංවතුර ජීවිතේ කොටසක් වෙන විදියට පත්වෙන්න තත්ත්වයකට අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ. ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ ආයතන එක්ක අපි කතා කළේ. ඒ අනුව අපි යෝජනා කරලා තියෙනවා සියලුම ආයතන එකතු වෙලා කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනයට පොදු සැලැස්මක් ඉදිරිපත් කරලා ඒ අනුව ක්‍රියාත්මක වෙනවා."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us