දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 900ත් 1000ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති අතර, කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (10 වැනිදා) දිනයේදී බෝංචි කිලෝවක තොග මිල වූයේ රුපියල් 800ත් 1000ත් අතර මිලකි. නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක මිල රුපියල් 1300 ත් 1400 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබිණි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොරතුරු අනුව මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 1000ත් 1200ත් අතර මිලක් දකවා ඉහළ ගොස් තිබිණි. කරවිල කිලෝවක තොග මිල රුපියල් 600ත් 650ත් අතර මිලක් දක්වාද, වැටකොළු කිලෝවක මිල රුපියල් 380ත් 400ත් අතර මිලක් දක්වාද ඉහළ ගොස් තිබේ.

