ප්‍රධාන ජලාශ 34කට ආසන්න ප්‍රමාණයක් වාන් දමයි

Published in පුවත්
Friday, 12 December 2025 09:51

ගංගා ද්‍රෝණි කිහිපයකට ගත වූ පැය 24ක කාලය තුළ මි.මී. 50ට වැඩි වර්ෂාවක් ඇදහැලී ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා අද (12) පෙරවරුවේ පැවසීය.

විශේෂයෙන් ගිං ගඟ, කළු ගඟ, කැලණි ගඟ, යාන්ඔය ද්‍රෝණිවල ඉහළ ප්‍රදේශයන්ට මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටද මි.මී. 50ට ආසන්න වර්ෂාවක් ඇදහැලී ඇත.

මේ හේතුවෙන් ඇතැම් ගංඟාවල ජල මට්ටම වැඩවීමක් පෙන්වූවත්, එය ගංවතුර මට්ටමක දක්වා වර්ධනයවීමක් පෙන්නුම් නොකරන බව සූරියබණ්ඩාර මහතා පැවසීය.

එමෙන්ම ඒ මහතා පවසා සිටියේ ජලාශවල ජල මට්ටමම් සැලකීමේදී ප්‍රධාන ජලාශ 34කට ආසන්න ප්‍රමාණයක තවමත් වාන් දැමීම සිදුවන බවය.

ප්‍රධාන වශයෙන් දැදුරු ඔය, රාජංගනය, නාච්චාදූව, යාන් ඔය, පදවිය, ලුණුගම්වෙහෙර හා සේනානායක සමුද්‍රය යන ජලාශයන්හි වාන් දොරටු විවෘත කර ජල මට්ටම අඩුකරන බවත් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us