ආපදාවෙන් හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක්

Published in පුවත්
Friday, 12 December 2025 12:28

ආපදාවෙන් හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

එය නම් කර ඇත්තේ ප්‍රතිෂ්ඨා නමින්.

පාසල් පද්ධතිය යළි ගොඩනැගීමේ කාර්යයට ඕනෑම සංවිධානයකට, කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට දායක විය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසනවා.

ඒ සඳහා අවශ්‍ය සියලු සම්බන්ධීකරණයන් අධ්‍යාපන අමාත්‍යංශය හරහා සිදු කිරීමට සැලසුම් සකස් කර ඇති බවද ලේකම්වරයා පවසනවා.

ඔහු සඳහන් කළේ 1988 දුරකථන අංකයෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසිය හැකි බවයි.

07765 823 65 හා 071 99 323 25 යන WhatsApp අංක දෙකක්ද ඒ සඳහා හඳුන්වා දී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ආපදා මෙහෙයුම් කමිටුව මගින් එම කටයුතු සම්බන්ධීකරණය කරනවා.

ආපදා තත්ත්වයෙන් දිවයින පුරා පාසල් 1506 කට අධික සංඛ්‍යාවකට හානි වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

වැඩිම පාසල් සංඛ්‍යාවකට හානි වී ඇත්තේ උතුරු පළාතේ.

එම සංඛ්‍යාව 330ක්.

බස්නාහිර පළාත් පාසල් 266කට, මධ්‍යම පළාතේ පාසල් 136 කට හා සබරගමුව පළාතේ පාසල් 115 කට හානි සිදුව තිබෙනවා.

නැගෙනහිර පළාතේ හානියට පත් පාසල් සංඛ්‍යාව 221ක්.

වයඹ පළාතේද පාසල් 136 කට හානි සිදුව ඇති බව අමාත්‍යංශය සඳහන් කරනවා.

ඌව පළාතේද පාසල් 129 කට හානි සිදුව තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us