ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ජීවිත රක්ෂණයක්

Published in පුවත්
Wednesday, 24 September 2014 09:51

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හැට තුන්වන (63) සංවත්සරයට සමගාමීව සිදු කෙරෙන වයස අවුරුදු හැටතුනක් (63) සපිරූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සඳහා නොමිලේ ජීවිත රක්ෂණයෙන් ආවරණය කිරීම කලාවැව මැතිවරණ කොට්ඨාසයෙන් ඇරඹේ.

මේ යටතේ පසුගිය දා (21) කලාවැව මැතිවරණ කොට්ඨාසයේ පන්දහසක් (5000) සඳහා ජීවිත රක්ෂණය ලබාදෙනු ලැබුවේ දෙවන පළුගස්වැව අක්කර පන්සීයේදී අභිනවයෙන් ආරම්භ කළ කලාවැව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාල භූමියේදීය.

මේ යටතේ රක්ෂණලාභියෙකුට හදිසි අනතුරු මරණයකදී රුපියල් ලක්ෂ පහක්ද පවුලට අයත් සාමාජිකයෙකුගේ ඕනෑම ආකාරයේ මරණයකදී රුපියල් ලක්ෂයක් පිරිනැමේ. එමෙන්ම හදිසි ආපදාවකදී රුපියල් ලක්ෂ දෙකක මුදලක්ද හිමිවේ.

පක්ෂය වෙනුවෙන් කැපවීම් කළ සාමාජිකයකු සඳහා රක්ෂණ ආවරණය සහ පදක්කමක් පිරිනැමූ අයුරු ඡයාරුපයේ දැක්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් පන්දහස සඳහා රක්ෂණ වාරික අනුරාධපුර දිස්ත්‍රික් නායක කලාවැව ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන සංවිධායක ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා සහ උතුරුමැද පළාත් ප්‍රධාන ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් යන මහත්වරුන්ගේ පෞද්ගලික මැදිහත්වීම මත රුපියල් ලක්ෂ පනහක මුදලක් (50) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පිරිනැමීම ද සිදු කළහ.

මේ සඳහා දානපතියන් කීප දෙනෙකු ද දායකත්වය ලබාදෙනු ලැබීය. මෙහිදී පක්ෂය වෙනුවෙන් කැපවීම කළ සාමාජිකයන් සඳහා පදක්කම් පිරිනැමීමක්ද සිදු කෙරිණ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us