තෙල් වලින් පාඩු කරලා ධම්මික රණතුංග අත්අඩංගුවට  

Published in පුවත්
Monday, 15 December 2025 14:02

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අද (15) දින පෙරවරු 11:15 ට පමණ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

2017-2018 වර්ෂ සඳහා ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව වෙත ඉන්දන මිලදී ගැනීමට නියමිතව තිබූ දිගුකාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කර ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් (Spot Tenders) ක්‍රියාත්මක කිරීමට සිදු වීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කිරීමේ චෝදනාව මත ඒ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ක්‍රියාවලිය හේතුවෙන් රජයට රුපියල් මිලියන 800කට ආසන්න මූල්‍ය පාඩුවක් සිදු වූ බව අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත .

​මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ වසර ගණනාවක් පුරා පැවති විමර්ශනයකින් අනතුරුවය.

​ ධම්මික රණතුංග මහතා, හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සොහොයුරා වේ. අර්ජුන රණතුංග මහතා අමාත්‍ය ධුරය දැරූ සමයේදී (2017-2018) ධම්මික රණතුංග මහතා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

​මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇති 'දිගුකාලීන ටෙන්ඩර්' වෙනුවට 'ස්ථානීය ටෙන්ඩර්' (Spot Tenders) වෙත යොමු වීම සම්බන්ධයෙන් 2018 වසරේදී ඛනිජ තෙල් වෘත්තීය සමිති දැඩි විරෝධයක් එල්ල කළ අතර, එමගින් විශාල දූෂණයක් සිදුවන බවට ඔවුහු එකල චෝදනා කළහ.

​ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පැවති රජයේ දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව (PCoI) හමුවේ ද ධම්මික රණතුංග මහතා සහ එවකට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සාක්ෂි ලබා දීමට කැඳවා තිබුණි. එහිදී ද මූලික චෝදනාව වූයේ දිගුකාලීන ගිවිසුම් අවලංගු කර හදිසි මිලදී ගැනීම් (Spot tenders) හරහා රජයට රුපියල් මිලියන 700-800 ක පමණ පාඩුවක් සිදු කිරීමයි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us