විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සුළි කුණාටුවෙන් දැවැන්ත විපතට පත් වූ ගම්පොළ රෝහලට රු. ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ ද කීවේය,
“ආපදාව නිර්මාණය වන්නට පෙරත් ආපදාව ක්‍රියාත්මක වන කාලයේදීත් ආපදාවෙන් පසුවත් යන අවස්ථා 03 දීම ආපදා කළමනාකරණ යන්ත්රණයේ බරපතළ අඩුපාඩුකම්, ඌනතා හා විෂමතා දකින්නට තිබෙනවා. මේ වන විට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ රජයේ නිලධාරීන් පවා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවට පවසනවා.
විවිධ සුදුසුකම් මත මූල්‍ය සහන ලබා දෙන බවට පොරොන්දු ලබාදී ඇති මුත් මුදල් ලබාදීමේ ක්‍රමවේදයක්, වැඩපිළිවෙළක් හා චක්‍රලේඛ නිකුත්කර නොමැති බවට ආපදා කළමනාකරණ සහන සේවකයන් කියනවා.
මේ ආකාරයට ආපදා කළමනාකරණය සිදු වන්නේ නම්, රටටත් ජනතාවටත් දෙවියන්ගේ පිහිටයි.
ඉදිරියේ දී ඇති වන ආපදාවලදී පවා සිදු වන්නේ මිනිස් ජීවිත සුරක්ෂා වීම නොව විපතට පත් ජනතාවගේ මානව හා මූලික අයිතිය උල්ලංඝනය කර ජන ජීවිත විනාශ වීමක් නිසා මේ යල්පැනගිය මානව හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන වැඩපිළිවෙළ පසෙකලා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.

