හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළා.
ඒ අනුව අද (19) රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ විවාද කොට අනුමත කරගැනීමට නියමිතව තිබෙනවා.

