සුනාමි ව්‍යසනයට වසර 21ක් ! රට පුරා ආගමික වැඩසටහන් රැසක්

Published in පුවත්
Friday, 26 December 2025 09:18

සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 21ක් සැපිරේ.

සුනාමි ව්‍යසනයට වසර 21ක් ! රට පුරා ආගමික වැඩසටහන් රැසක්

2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව සිදුවූ ප්‍රබල භූ කම්පනයත් සමග ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දරුණු සුනාමි තත්ත්වයක් ඇති වුණි.

ඉන් මෙරට පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මියගොස් තවත් 5,000ක පමණ පිරිසක් අතුරුදන්වූ අතර දේපොළ රැසක් ද විනාශයට පත් විය.

ඒ අනුව සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම සඳහා 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වනදා ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කෙරුණි.

සුනාමි ව්‍යසනයෙන් මෙන්ම මේ දක්වා රටේ සිදුවූ විවිධ ව්‍යසනයන් හේතුවෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් මෙවරද "ජාතික සුරක්ෂිත දින" සැමරුම් උත්සවය අද (26) පෙරවරු 8:30 සිට පෙරවරු 11:00 දක්වා ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්ය.

මේ අතර දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

එමෙන්ම මෙම ආපදාවෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් අද පෙරවරු 9:25 සිට පෙරවරු 9:27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර පැරෑලිය ප්‍රදේශයේදී සුනාමි ජල කඳට හසුවී විනාශයට පත්වූ දුම්රිය අනතුර සිහිපත් කිරීම සඳහා මරදාන දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 6:30ට මාතර බලා දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us