විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කෙරේ

Published in පුවත්
Monday, 29 December 2025 20:07

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර ඇත්තේ, 2025 දෙසැම්බර් මාසයට අදාළ විශ්‍රාම වැටුප් ලබාගැනීමේ කාලය 2026 වසරේ ජනවාරි 31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවය.

ඒ අනුව දෙසැම්බර් මස විශ්‍රාම වැටුප 2026.01.31 දින දක්වා වැඩ කරන දිනයන්හි අදාළ තැපැල් හෝ උප තැපැල් කාර්යාල මඟින් ලබා ගැනීමට ගොවි හා ධීවර විශ්‍රාම වැටුප්ලාභීන්ට අවස්ථාව හිමිවේ.

දැනට ගොවි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන ගොවීන් සංඛ්‍යාව 178, 753 වන අතර, ධීවර විශ්‍රාම වැටුප් ලාභීන් ප්‍රමාණය 6,312 ක් වේ.

මෙම ප්‍රතිලාභීන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට මාසයකට රුපියල් මිලියන 413ක මුදලක් රජය විසින් වැය කරනු ලබයි.

පසුගිය දා ඇති වූ සුළි කුණාටු තත්ත්වය මත ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් ලාභීන් හට සිදු වූ ආපදාවන් හේතුවෙන් තැපැල් කාර්යාලවලට ළඟාවීමේ අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් දෙසැම්බර් මාසයට අදාළ ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ කාලසීමාව දෙසැම්බර් 31 දින දක්වා මීට පෙර දීර්ඝ කර තිබුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us