නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචියට

Published in පුවත්
Tuesday, 30 December 2025 08:11

නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය දිනවලදීසම්මුඛ පරීක්ෂණ පවත්වන ලදි.

ඒ අනුව ලියාපදිංචිය සඳහා දේශපාලන පක්ෂ 86ක් මෙවර අයදුම්පත් ඉදිරිපත් කර තිබිණි. ඊට අදාළව සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ දේශපාලන පක්ෂ පහක් පමණි.

එම දේශපාලන පක්ෂ පහ ලබන වසරේ (2026) ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාවේ මේ වනවිට ලියාපදිංචි සමස්ත දේශපාලන පක්ෂ සංඛ්‍යාව 80කි. එම දේශපාලන පක්ෂ අතරින් අටක් අක්‍රිය තත්ත්වයේ පවතින්නේ ඒවායේ ලේකම්වරු නොමැතිවීම හේතුවෙනි. මීට පෙර දේශපාලන පක්ෂ 83ක් ලියාපදිංචිව තිබුණද ඉන් තුනක් තහනම් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us