අදින් පාසැල් ඇරඹේ

Published in පුවත්
Monday, 05 January 2026 10:07

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) ආරම්භ වේ.

ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පසුගිය දෙසැම්බර් මස 9වනදා නිකුත් කරනු ලැබූ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ.

සිංහල හා දෙමළ පාසල් සදහා 2025 අධ්‍යයන වර්ෂය පසුගිය දෙසැම්බර් මස 22වනදා සහ මුස්ලිම් පාසල් සඳහා දෙසැම්බර් මස 26වනදා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණිය සඳහා ජනවාරි 29වනදාත් 6 වන ශ්‍රේණිය සඳහා ජනවාරි 21වනදාත් නව විෂය මාලාව ආරම්භ වන බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර සිටී.

එසේ ප්‍රකාශ කර තිබුණ ද ශිෂ්‍යත්ව ප්‍රථීපල මත 6 ශ්‍රේණිය සඳහා වෙනත් පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ පරිපාලන කටයුතු අද දිනයේ සිට ඉදිරි සතියක කාලය තුළ සිදුකර ගත හැකි බව ද වාර්තා වේ.

මේ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වු පිරිස් රදවා සිටින පාසල් කිහිපයක් අද දිනයේ ආරම්භ නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

2026 පළමු පාසල් වාරයේ පළමු අදියර අද සිට එළඹෙන 9වනදා දක්වා පැවැත්වෙන අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තාවකාලිකව අත්හිටුවනු ලැබු උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි 12වනදා සිට පැවැත්වීමට සැලසුම් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us