පරිසර දුෂණය කරන අයව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට

Published in පුවත්
Tuesday, 06 January 2026 14:37

සංශෝධිත ජාතික පාරිසරික පනත යටතේ වායු දූෂණය, ශබ්ද දූෂණය සහ ජල දූෂණය සිදු කිරීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි සංඥය වැරැදි බවට පත්කර ඇති අතර එම වරදක් සිදුකරන අයකුට රුපියල් ලක්ෂයේ සිට මිලියනයක් දක්වා දඩ නියම කළහැකි බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

එමෙන්ම, එම වැරැද්දක් අඛණ්ඩව සිදු කරන්නේ නම් එක් දිනකට නියම කෙරෙන දඩ මුදල රුපියල් 5,000 කි.

පරිසර දූෂණය පාලනය කිරීමට අත්‍යවශ්‍ය මීට පෙර පරිසර පනතේ අඩංගු නොවූ ක්ෂේත්‍රයන් කීපයක්ද සංශෝධිත පනතට එකතු කර තිබෙන බවත්, ඒ යටතේ රසායනික දූෂණය පාලනය, උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම පාලනය යන කාරණා සම්බන්ධව නව සංශෝධන යට ඇතුළත් කර තිබෙන බවත් පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි පැවසුවේය.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත වසර 25 කට පසුව සංශෝධනය කිරීම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

සංශෝධිත ජාතික පාරිසරික පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉකුත් දෙසැම්බර් මස 29 වැනිදා පැවැති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලැබුණු බවද ඇමැතිවරයා පැවැසීය.

එමෙන්ම, භූගත ජලය දූෂණය වැළැක්වීම, ශබ්ද දූෂණය වැළැක්වීම යනාදී කාරණා සඳහා ද නව ප්‍රතිපාදන එකතු කර තිබෙන බවද ඇමැතිවරයා කියා සිටියේය.

පොලිතින් භාවිතය තහනම් කිරීමට සහ සීමා කිරීමට අදාළව 2017 වසරේදී අධිකාරිය විසින් රෙගුලාසි පැනවූවද, එකම තැනැත්තා එකම වරද නිරන්තරයෙන් සිදු කරන බව නිරීක්ෂණය වූ බවත්, ඊට හේතුවූයේ අඩු දඩ මුදල්, දඬුවම් නියමවී තිබීම බවත් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ (නීති - වැඩබලන) හර්ෂි පල්ලියගුරුගේ කියා සිටියේ ය.

පරිසර බලපෑම් ඇගැයීමක් සිදුකළ යුතු ව්‍යාපෘතියක්, එලෙස ඇගැයීමක් සිදු නොකර ආරම්භ කිරීම යනාදී කාරණාවලට ජාතික පාරිසරික පනත යටතේ මීට පෙර අඩු දඩ මුදලක් නියම කර තිබීම නිසා එවැනි ක්‍රියා බහුලව සිදුවූ බවද ඇය පැවැසුවාය.

පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිසර ප්‍රතිපත්ති සහ සැලසුම්) පත්මා අබේකෝන් මෙහිදී කියා සිටියේ ප්ලාස්ටික් කළමනාකරණය කිරීම සඳහා ගෝලීයව ජාත්‍යන්තර නීතියක් ස්ථාපිත කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවය.

-aruna

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us