මන්ත්‍රීවරුන්ගේ විශේෂ ප්‍රකාශ යටතේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අදහස් ප්‍රකාශ කිරීමෙන් පසු අදහස් දැක්‌වීමේ අවස්‌ථාව එජනිස මන්ත්‍රී ඉසුරු දේවප්‍රිය මහතාට හිමිවිය.
එහිදී මන්ත්‍රීවරයා අදහස් දක්‌වමින් සිටියදී ඌව පළාත් සභා මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂය ලැබූ අන්ත පරාජය ගැන සිහිපත් කරමින් හිටපු හමුදාපතිවරයාගේ ජීවිතය බේරුණේ ඔහුට ආරක්‌ෂාව සැපයූ නිලධාරියකු බෝම්බය ඇඟේ බැඳගෙන පැමිණි කොටි කාන්තාවට පහරදීම නිසා බවද කීය.
මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ ආරක්‌ෂක නිලධාරියා නොසිටින්නට සුරූපී කාන්තාව සරත් ෆොන්සේකා මහතා බදා ගැනීමට ඉඩ තිබූ බවයි.
එම ප්‍රකාශයත් සමග විපක්‌ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ ප්‍රදීප් උඩවෙල, සුසිල් කිදෙල්පිටිය, අරුණ දීපාල් යන මහත්වරුන් ඇතුළු එම පක්‌ෂයේ මන්ත්‍රී පස්‌දෙනා එම ප්‍රකාශය ඉල්ලා අස්‌කර ගන්නා ලෙස දැඩි විරෝධය පළ කරමින් සභාවෙන් නික්‌ම යැමට තැත් කළහ.
එහිදී සභාව පාලනය කර ගැනීම සඳහා නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා සභාව විනාඩි පහකට කල්තබනු ලැබීය. එම අවස්‌ථාවේදී ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රී රොජර් සෙනවිරත්න සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ මන්ත්‍රී ප්‍රදීප් උඩවෙල යන මහත්වරුන් පුටු දෙකකට වී සුහදව බුලත්විටක් බෙදා හදාගෙන කන අයුරු මාධ්‍යවේදීන්ට දැකගත හැකි විය
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අපහාස වන අයුරින් පෙරේදා (23 වැනිදා) පැවැති බස්‌නාහිර පළාත් සභා රැස්‌වීමේදී ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරයකු අදහස් දැක්‌වීම නිසා පළාත් සභා රැස්‌වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන විනාඩි පහකට කල්තැබීමට නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතාට සිදුවිය.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...