පෞද්ගලික ඔසුසල් (ෆාමසි) වල බලපත්‍ර වාර්ෂිකව අලුත් කළ යුතුය. ඒ අනුව ලබන පෙබරවාරි 28 වැනිදාට පෙර බලපත්‍ර අලුත් කිරීමේදී අදාළ ෆාමසිය තුළ වගකීම බාර ඖෂධවේදියා (Responsible Pharmacist) පූර්ණකාලීනව සේවය කළ යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සියලුම බලපත්‍රලාභීන්ට ලිඛිතව දැනුම් දී ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද ‘අරුණ’ ට පැවැසීය.
රටට අවශ්‍ය තරම් ඖෂධවේදීන් නොමැති බවත්, මෙම තීරණය නිසා ෆාමසි පවත්වාගෙන යාම අර්බුදයට යන බවත් චන්දික ගන්කන්ද පැවැසීය. මේ අතර ෆාමසි අතර දුර සීමාවද ජනවාරි 1 වැනිදා සිට ඉවත් කර ඇති අතර ඊට අදාළව අනිවාර්ය කොන්දේසි තුනක් ඇතුළත් කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කේ. එම්. පී. කේ. බණ්ඩාර විසින් ඒ බව සියලුම බලපත්‍රලාභීන්ට දැනුම් දී තිබේ.
ඒ අනුව අයැදුම්කරු ෆාමසියෙහි තනි හිමිකරු විය යුතුය. ඖෂධවේදියා පූර්ණකාලීනව එහි සේවය කළ යුතුය. 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත සහ රෙගුලාසිවලට අනුව අනෙකුත් නිර්ණායක තිබිය යුතුය. තවද ස්ථානීය අනුමැතිය නිකුත් කිරීමෙන් පසු සම්මුඛ පරීක්ෂණයට පෙර ව්‍යාපාර ලියාපදිංචි සහතිකය (BRC) ඉදිරිපත් කළ යුතු බවට කොන්දේසි ඊට ඇතුළත් කර ඇත.
මෙම වෙනස්කම් කරනු ලබන්නේ නව ඖෂධ ශාලා පිහිටුවීම නියාමනය කිරීමට බවත්, ලියාපදිංචි ඖෂධවේදීන්ගේ සෘජු හිමිකාරිය යටතේ වෘත්තීයමය ඖෂධ සේවාවක් මහජනතාවට ලබාදීම සඳහා බවත් ඖෂධ නියාමන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි
-aruna

