කෙසේ වෙතත් වත්මන් රජය ඉකුත් වසරේ සිට එම අඩුපාඩුව අවම කරමින් දැනට ඇති එම උපකරණ නවයට අමතරව තවත් 8 ක් ගෙන ඒම සඳහා ප්‍රසම්පාදන අරඹා ඇතැයි පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මහිලාල් විජේකෝන් පැවසීය.
ගැබ්ගෙල පිළිකා රෝගයට ගොදුරුවන අය පූර්ව පිළිකා අවස්ථාවන්වලදී ප්‍රතිකාර සඳහා යොමුවන්නේ නම් එම පිළිකා ශල්‍යකර්ම හා අනෙකුත් ප්‍රතිකාර ක්‍රම මගින් සුවපත් කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
ගැබ්ගෙල පිළිකා වැලඳෙන රෝගීන් 1200 ක් පමණ සෑම වසරකදීම හමුවන බවත්, ඔවුන් මූලික රෝග ලක්ෂණ මතුවන මොහොතේදී වෛද්‍ය උපදෙස්වලට යොමු නොවීම බරපතළ ප්‍රශ්නයක් බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී කතා කළ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කැළුම් ජයසිංහ සඳහන් කළේ 1996 වසරේ සිට ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණද කාන්තාවන් අදාළ පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවයි.

