සම්බා සහ කීරි සම්බා මිළ ඉදිරියේදී ඉහළ දැමීමට තීරණ

Published in පුවත්
Tuesday, 13 January 2026 10:02

එළැඹෙන කන්නයේ සිට වී මිල ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ සම්බා සහ කීරි සම්බා යන වී වර්ගවල මිල ගණන් ද ඉහළ දැමීමට තීරණය කර ඇති බවය.

කෙසේවෙතත් සහල් මිලෙහි ඉහළ යාමක් සිදුනොවන බව ද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සදහන් කළේය

"වී මිල සංශෝධනයක් සම්බන්ධයෙන් දැනටමත් අපි මතු කරලා තියෙනවා. විශේෂයෙන්ම නාඩු වී 120යි ඒක එහෙම්මමයි. සම්බා 125 සිට 130 දක්වා වැඩි කරනවා වීවල මිල. කීරි සම්බා 132 සිට 140 දක්වා මිල වැඩි වෙනවා ගොවියාගේ පැත්තට අදාළව. "

කොයි කාලෙදි වගේද වැඩි වෙන්නේ ඇමතිතුමා ?

"එන කන්නයේ සිට ඒ වැඩිවීම සිද්ධ වෙනවා. අස්වනු නෙලනකොට ගොවීන්ට ඒ කියන මිල ගණන්වලට වී ටික දෙන්න පුළුවන් කම ලැබෙනවා. නමුත් ඊට සාපේක්ෂව සහල් මිල වැඩි කිරීමට රජය තීන්දුවක් අරගෙන නෑ. එහෙම තීන්දුවක් ගන්න බලාපොරොත්තුවකුත් නෑ."

වෙනත් වසරවල මෙම කාලසීමාව තුළ සහල් මෙරට මාෆියාව ක්‍රියාත්මක වුව ද එය මේ වසරේ මෙම කාලය තුළ සිදු නොවූ බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us