මීට අදාළ පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව මෙම පනත් කෙටුමිපත සඳහා විරෝධය දක්වන පිරිසට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සති දෙකක කාලයක් ලබාදී තිබේ.
මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 512 දෙනකුගේ (කලත්‍රයන් ද ඇතුළුව) විශ්‍රාම වැටුප අහෝසි වන අතර ඉදිරියේදී විශ්‍රාම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පනත් කෙටුම්පත අනුව විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි වේ.
-දිනමිණ

