දියුණු පුරවැසියෙක් බිහි කිරීමේ අධ්‍යාපන ක්‍රමවේදය කිසිසේත්ම නතර කරන නැහැ - හරිනි

Published in පුවත්
Friday, 16 January 2026 20:19

රටට අවශ්‍ය දියුණු සමාජීය පුරවැසියා බිහි කිරීමේ අධ්‍යාපන ක්‍රමවේදය කිසිසේත්ම නතර නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරි කටයුතු පිළිබඳ හලාවත අධ්‍යාපන කලාපයේ බලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.

රජය මේ රට භාර ගන්නා විට පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතු ප්‍රධානතම ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය ඉලක්කගතව තිබූ බව ද ඇය ප්‍රකාශ කළාය.

එවැනි සමාජීය පරිවර්තන සිදුකිරීමේදී සුළුතර පිරිසකගෙන් ප්‍රතිවිරෝධතාවන් මතුවිය හැකි බවත්, කෙසේ වුවද ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන බවත් හරිනි අමසූරිය අවධාරණය කරයි.

වැරදි හඳුනාගෙන ඒවා නිරාකරණය කරමින් යන නව අධ්‍යාපන ක්‍රමවේදයේදී, ළමයාට තාක්ෂණය හඳුන්වා දීම, ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති සුරැකෙන සේ යම්කිසි රාමුවක් තුළ සිදුකළ යුතුය.

වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් වූ වැඩිම අයවැය මුදල් වෙන්කිරීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සිදුවිණි.

පාසල් අතර පවතින ඩිජිටල් අසමානතාවය හා යටිතල පහසුකම් ගැටලු තුරන් කිරීම සඳහා මේ වනවිට අදාළ ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවෙමින් පවතියි.

6 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තාවකාලිකව අත්හිටුවීම මගින් අසාධාරණයට ලක්වූ සිසුන් හට ඉක්මනින්ම සාධාරණයක් ඉටුකිරීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

පරිවර්තනීය වෙනසක් කරා අධ්‍යාපනය රැගෙන යන මෙම ගමනේදී ඒ සඳහා ජනතාවගේ පිළිගැනීම අතිශය වැදගත් බව ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් කියා සිටියාය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us