ආපදා වන්දි ලබාදීමේ කටයුතුවලින් අද සිට ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

Published in පුවත්
Monday, 19 January 2026 14:53

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ පහක දීමනාව ගෙවීමේ කටයුතුවලින් අද (19) සිට ඉවත්වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබේ.

එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ සදහන් කළේ අදාළ ගෙවීම් සිදු කිරීමට අදාල චක්‍රලේකයෙහි පවතින අඩුපාඩු හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

අදාළ ගෙවීම් සිදුකිරීමේ ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කළ බව ද නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 දීමනාවක් ලබා දීමට රජය තීරණය කළේය.

නමුත් ඊට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛයේ බරපතළ අඩුපාඩු ඇතැයි චෝදනා කරමින් ප්‍රාදේශීය ලේකම් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයත්, රජයේ ගණකාධිකාරිවරුන්ගේ සංගමයත් ගෙවීම් කටයුතුවලින් ඉවත් විය.

ඉන්පසු එම දීමනාව ගෙවීමේ වගකීම ග්‍රාම නිලධාරින් වෙත පැවරුණු අතර අද සිට තමන්ද එම මුදල් ගෙවීමේ කටයුතුවලින් ඉවත්වන බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය සඳහන් කර සිටී.

එමෙන්ම ආපදා රාජකාරීවල නිරතවන තමන්ට ඒ වෙනුවෙන් ප්‍රමාණවත් දීමනාවක් හිමි නොවන බවටද ඔවුන් චෝදනා කර සිටී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us