රජයේ වාහන වලට ඉන්ධන ලබා දෙන්න ඩිජිටල් කාඩ්පතක්

Published in පුවත්
Tuesday, 20 January 2026 19:13

රජයේ වාහන සඳහා ඉන්ධන ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නව ඩිජිටල් ඉන්ධන කාඩ්පත් පද්ධතියක් හඳුන්වා දී තිබේ.

මෙම නව වැඩපිළිවෙළ යටතේ සියලුම රජයේ වාහන සඳහා විශේෂිත ඩිජිටල් ඉන්ධන කාඩ්පතක් නිකුත් කෙරෙන අතර එමගින් දිවයින පුරා පිහිටි ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතී.

මෙම පද්ධතිය හඳුන්වාදීමේ අරමුණ වී ඇත්තේ රජයේ වාහන සඳහා ඉන්ධන බෙදා හැරීමේදී සිදුවන දූෂණ අක්‍රමිකතා අවම කිරීම, දැනට පවතින ලිපි ලේඛන කටයුතු සීමා කරමින් කාලය ඉතුරු කිරීම රාජ්‍ය ආයනයකම ඉන්ධන භාවිතය පිළිබඳව නිවැරදිව නිරීක්ෂණය කිරීමට සහ වාර්තා තබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම මෙම නව ඩිජිටල්කරණ වැඩපිළිවෙළ හරහා රාජ්‍ය සම්පත් වඩාත් විධිමත්ව කළමනාකරණය කිරීමටත්, ඉන්ධන නාස්තිය අවම කරමින් ජාතික ආර්ථිකයට සහාය වීමටත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව අපේක්ෂා කරන බවත් එම අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us