ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

Published in පුවත්
Tuesday, 20 January 2026 19:24

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හෝ කාර්යාංශයේ ලියාපදිංචි පුහුණු ආයතනයක සාත්තු සේවා පුහුණු පාඨමාලාවක් හදාරා NVQ III සහතිකය ලබා ඇති හෝ හෙද වෘත්තියේ මාස 11ට නොඅඩු පළපුරුද්දක් ඇති, වයස අවුරුදු 25ත් 45ත් අතර, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පුද්ගලයින්ට මෙම රැකියා සඳහා අයදුම් කළ හැකි බව කාර්යාංශය පවසයි.

එසේම, මනා ඉංග්‍රිසි භාෂා හැකියාවක් තිබීම අත්‍යවශ්‍ය වන අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පවත්වනු ලබන ඉංග්‍රිසි භාෂා පුහුණු පාඨමාලාව හදාරා ඇති පුද්ගලයින්ටද මෙම රැකියා සඳහා අයදුම් කිරීමට හැකි වේ.

මෙම රැකියා සඳහා තෝරාගනු ලබන රැකියා ලාභීන්ට වසර පහක වලංගු වීසා කාලයක් හිමිවන අතර, මාසයකට රුපියල් ලක්ෂ 6ට අධික වැටුපක් උපයා ගැනීමේ අවස්ථාව ද ලැබෙන බව සඳහන් වේ.

ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල් රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව මෙම සාත්තු සේවා රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන අතර, එම ගිවිසුම යටතේ මේ වන විට ශ්‍රී ලාංකිකයින් 2,656 දෙනෙකුට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිව තිබේ.

තවද, 2026 වර්ෂය ආරම්භ වී ගතවූ සති දෙකක කාලය තුළදී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 107 දෙනෙකු ඊශ්‍රායලය වෙත පිටත් කර හැරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකි වී ඇති බව ද අනාවරණය කරයි.

මෙම රැකියා අවස්ථා ඊශ්‍රායල් රජය වෙනුවෙන් එරට ජනගහණ හා සංක්‍රමණ සේවා අධිකාරිය (PIBA) සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව රජය මගින් පමණක් ලබාදෙන බවත්, වෙනත් බාහිර ආයතන හෝ පුද්ගලයින් මගින් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ලබාගැනීමේ හැකියාවක් නොමැති බවත් කාර්යාංශය අවධාරණය කරයි.

ඒ අනුව, මෙම රැකියා ලබාගැනීම සඳහා කිසිදු බාහිර පාර්ශවයකට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින මෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us