IMF නියෝජිතයින් පිරිසක් අද (22) දිවයිනට

Published in පුවත්
Thursday, 22 January 2026 08:32

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (22) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ නියෝජිතයින් පිරිස මෙරටට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේය.

අද දිනයේ දිවයිනට පැමිණෙන එම නියෝජිතයින් ලබන 28 වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආර්ථික හා මානුෂික අභියෝග පිළිබඳ ශ්‍රී ලංකාව කටයුතු කර ඇති ආකාරය පිළිබඳව සොයාබැලීම සහ එමඟින් යටිතල පහසුකම්, ජීවනෝපායන් සහ ආර්ථික ස්ථාවරත්වයන් කෙරෙහි සිදුව ඇති බලපෑම් අවබෝධ කරගැනීම මෙම නියෝජිත කණ්ඩායමේ අරමුණ වී ඇති බව සඳහන්ය.

ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ පස් වැනි සමාලෝචනය මේ වන විට අවසන් කර ඇති අතර ඊට අනුමැතිය ලබාදීම පිළිබඳව ද මෙම සංචාරයේ දී අවධානය යොමුවනු ඇති බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us