ඉකුත් වසරේ (2025) නොවැම්බර් මාසයේ දී සියයට 2.4ක් (දෙකයි දශම හතර) ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 2.9ක් (දෙකයි දශම නමය) දක්වා වැඩි වී ඇත.
නොවැම්බර් මාසයේ දී සියයට 3.6 ක් (තුනයි දශම හය) ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී සියයට 4.4 ක් (හතරයි දශම හතර) දක්වා වැඩි වී ඇත.
නොවැම්බර් මාසයේ දී සියයට 1.5ක් (එකයි දශම පහ) වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී සියයට 1.6 ක් දක්වා වැඩි වී ඇත.

