පවතින පුරප්පාඩු සහ විශ්‍රාම ගැන්වීම් වාර්තා වී ඇති දත්ත අනුව, 2023 දෙසැම්බර් 31 දින වන විට විදුහල්පති සේවයේ පවතින මුළු පුරප්පාඩු සංඛ්‍යාව 3,151ක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු සඳහා දේශපාලන මැදිහත්වීම්වලින් තොරව, විධිමත් උසස්වීම් ක්‍රමයක් යටතේ බඳවා ගැනීමේ මෙම කටයුතු සිදු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රි උපුල් කිත්සිරි මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විදුහල්පති සේවයේ පවතින ගැටලු, විදුහල්පති සේවයට බඳවා ගැනීමේදී පවතින වයස් සීමා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ප්‍රශ්නය යොමුකරමින් උපුල් කිත්සිරි මහතා අවධානය යොමු කළේය.
බොහෝ පිරිසක් 3 වැනි ශ්‍රේණියේ විදුහල්පතිවරුන් ලෙස සේවයට එක් වන විට වයස අවුරුදු 45 – 50 සීමාවේ පසු වන බැවින්, ඔවුන්ට පළමු ශ්‍රේණිය දක්වා උසස්වීම් ලැබීමට ඇති කාලය සීමිත බවත් එබැවින් තරුණ පිරිස් වැඩි වශයෙන් සේවයට බඳවා ගැනීමේ අවශ්‍යතාව මතුව ඇති බවත් ඒ මහතා පැවසීය.
ගුරුවරුන් ලෙස පළමු ශ්‍රේණියේ සිටින නිලධාරීන් විදුහල්පති 3 වැනි ශ්‍රේණියට පත්වීමේදී ඇති වන වැටුප් විෂමතා පිළිබඳව ද අවධානය යොමුකර ඇති බව එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
“ඉදිරි විසඳුම් අධ්‍යාපන සේවයට අදාළ බඳවා ගැනීම්, උසස් කිරීම් සහ අනෙකුත් නිර්දේශ නිකුත් කිරීම සඳහා Òඅධ්‍යාපන කවුන්සිලයක්Ó (Education Council) පිහිටුවීමට යෝජනා වී ඇත. එය ඉදිරියේදී බලාත්මක කිරීමට නියමිතය.
එසේම, විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර තිබේ. එම යෝජනා ඉදිරියේදී පිහිටුවීමට නියමිත පොදු වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර සාධාරණ විසඳුමක් ලබා දීමට රජය අපේක්ෂා කරනවා“ යැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

