විශේෂයෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැක.
එමෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
අලුයම් කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද, දකුණු සහ ඌව පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

