ලෝක ලාදුරු දිනය අදයි

Published in පුවත්
Sunday, 25 January 2026 08:43

ලෝක ලාදුරු දිනය අදට යෙදී තිබෙනවා.

ලාදුරු යනු Mycobacterium leprae නමැති බැක්ටීරියාව මගින් බෝවන, නිදන්ගත රෝගයක් වන අතර,

එය සම සහ පර්යන්ත ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරන රෝගයක්.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ලාදුරු රෝහල ලන්දේසි පාලන සමය තුළ, ක්‍රි.ව. 1708 දී ස්ථාපනය කෙරුණා.

වර්තමානයේ ලාදුරු රෝගය සුව කිරීම සඳහා බහු ඖෂධ ප්‍රතිකාර (MDT) ලබා දෙන අතර, ලාදුරු වර්ගය අනුව මාස 6ක් හෝ 12ක් වශයෙන් ප්‍රතිකාර ලබා දීම සිදු කරයි.

1995 දී ලාදුරු මර්දන ඉලක්කයට ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.

මෙම රෝගය මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝවිය හැකි අතර, මේ සඳහා නිශ්චිත වාහකයෙකු හඳුනාගෙන නොමැත.

ප්‍රතිකාර ගන්නා රෝගියකුගෙන් මෙම රෝගය අන් අයට බෝ වීම සිදු නොවේ.

ලාදුරු රෝගය පහසුවෙන් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීම හා සුව කිරීම කළ හැකියි.

හැඟීම් නොදැනෙන ලප කැළැල් ලාදුරු රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයි.

නිසි ලෙස වෛද්‍ය උපදෙස් පරිදි ප්‍රතිකාර ගැනීමෙන් රෝගය අතුරු ආබාධ රහිත ව සුව කරගත හැක.

ලාදුරු ලක්ෂණ යැයි සැක කෙරෙන ලප කැළැල් හඳුනාගත් විගස ඖෂධ ප්‍රතිකාර ක්‍රම සඳහා

කල්වෙලා ඇති ව යොමු වීමත් ප්‍රතිජීවක ඖෂධ ලබාදීම නිසාත් ලාදුරු රෝගය අපිටම තුරන් කල හැකියි.

අත්වැල් බැඳගනිමු ලාදුරු දුරලමු යන්න මෙවර ලෝක ලාදුරු දිනයේ තේමාවයි.

මෙරට ලාදුරු රෝගය මර්දනය සඳහා ජනතා සහයෝගය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

2035 වන විට ලාදුරු රෝගීන් බින්දුව දක්වා අඩුකිරීම ශ්‍රී ලංකාවේ ඉලක්කය බවයි ලාදුරු මර්දන ව්‍යාපාරයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය යසෝමා වීරසේකර මහත්මිය ප්‍රකාශ කළේ.

රෝගීන් වැඩිම පිරිසක් හඳුනාගත් දිස්ත්‍රික්ක ලෙස කොළඹට අමතරව ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක හඳුන්වාදිය හැකි බවයි වෙද්‍යතුමිය පවසන්නේ.

More in this category: « අද කාලගුණය

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us