ප්‍රථම වරට ලෝක රන් මිළට වුන දේ

Published in පුවත්
Monday, 26 January 2026 08:30

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,024 ද ඉක්මවා මේ වන විට වාර්තා වන බවය.

මේ අතර විශේෂඥයින් මත පළ කරනුයේ රන් මිල තවත් ඉහළ යනු ඇති බවත් එය මෙම වසර අග වන විට ඩොලර් 5,500ද ඉක්මවා යනු ඇති බවත්ය.

එමෙන්ම මීට සමගාමීව අනෙකුත් ලෝහ වර්ගද මිල ඉහළ ගොස් ඇති අතර ඒ අනුව රිදී අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ.

එමෙන්ම පැලේඩියම් අවුන්සයක මිල 0.17%කින් ඉහළ ගොස් ඇති අතර එය අමෙරිකානු ඩොලර් 2,000 ඉක්මවා ගොස් ඇතැයිද වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස රන් මිල ඉහළ යාමට බලපා ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීන්දු තීරණ බවය.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අමෙරිකාව විසින් යටත් කර ගැනීම, ග්‍රීන්ලන්තය සම්බන්ධව ට්‍රම්ප්ගේ ප්‍රකාශ, ආක්ටික් කලාපයේ අමෙරිකානු උපායමාර්ගික අවශ්‍යතා, මෙන්ම පසුගියදා කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 100%ක තීරුබදු පනවන බවට කළ අනතුරු ඇඟවීම යන කරුණු ද රන් මිල ඉහළ යාමට බලපා ඇතැයිද එම මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us