ගැටලු කඩිනමින් විසඳීම නොකලොත් වෘත්තීය ක්‍රියාමාර්ග වලට - දුම්රිය ස්ථානාධිපති සංගමය

Published in පුවත්
Monday, 26 January 2026 17:52

පවතින් ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු නොකලහොත්, නීත්‍යානුකූලව හිමි වී ඇති වෘත්තීය අයිතීන් අනුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය අනතුරු අඟවයි.

මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දිගින් දිගටම පවතින පරිපාලන අකාර්යක්ෂමතාවයන් හේතුවෙන් මගී ජනතාවට මෙන්ම දුම්රිය සේවකයින්ටත් දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇති බව මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් එම සංගමය පවසයි.

දුම්රිය ස්ථානාධිපති බඳවාගැනීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය බඳවාගැනීමේ පරිපාටියට අදාළ අන්තර් කාලීන විධිවිධාන සකස් කර ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කරමින් පවතින අතර, එය දුම්රිය ස්ථානාධිපතිවරුන් අතර රාජකාරි කාර්යක්ෂමතාවයටත්, සේවකයින්ගේ මානසිකත්වයටත් අහිතකර ලෙස බලපා ඇති බව ඔවුන් පවසයි.

එමෙන්ම, රජය විසින් රාජ්‍ය සේවකයින් සඳහා ලබා දෙන ආපදා ණය මුදල රු. 400,000/- ක් දක්වා ඉහල දමා ඇතු පසුබිමක, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම මුදල රු. 250,000/- ක් දක්වා අඩු කර ලබා දීමට තීරණය කිරීම බරපතල ගැටලුවක් බව එම සංගමය පෙන්වා දෙයි.

මෙම ක්‍රියාවලිය රජයේ නිල තීරණයක් සෘජුවම හෑල්ලුවට ලක් කිරීමක් වන අතර, දුම්රිය සේවකයින්ට සිදුවන බරපතළ අසාධාරණයක් බැවින් එ සම්බන්ධයෙන් දැඩිව විරෝධය පළ කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම, දුම්රිය ධාවනය නිසි ලෙස සැලසුම් නොකිරීම, කාලසටහන් අක්‍රිය වීම සහ මෙහෙයුම් දුර්වලතා හේතුවෙන් දිනෙන් දින මගී ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක්වෙමින් පවතින අතර මෙම තත්ත්වයට දෙපාර්තමේන්තු පරිපාලනය සෘජුව වගකිව යුතු බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us