දිට්වා හේතුවෙන් කුරුණෑගල සත්ව පාලනය යටතේ ඇති කළ සතුන් 311805ක් මිය ගිහින්

Published in පුවත්
Tuesday, 27 January 2026 07:59

දිට්වා සුළි කුණාටුවට ගොදුරු වීමෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සත්ත්ව පාලනය යටතේ ඇති කළ සතුන් තුන්ලක්ෂ එකොළොස් දහස් අටසිය පහක (311805) සංඛ්‍යාවක් මරණයට පත්ව සිටින බැවින් ඒ සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 338 ක මුදලක් ගෙවිය යුතුව ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.විජේසිංහ ප්‍රකාශ කළේය.

සුළි කුණාටු ආපදා තත්ත්වය නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගවයන් 1881 ක්, ඌරන් 771 ක්, එළුවන් 508 ක්, බිත්තර සඳහා ඇතිකළ කිකිළියන් 2,50459 ක්, බ්‍රොයිලර් කුකුළන් 54072 ක් සහ ගෘහාශ්‍රිත කුකුළන් 4114 ක්ද මරණයට පත් වී ඇති බැවින් එම හානිය සඳහා රුපියල් මිලියන 338 ක් ගෙවිය යුතු බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙම කරුණු අනාවරණය කළේය. පසුගියදා (23 වැනිදා ) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය රැස්වීම් ශාලාවේ දී රැස්වීම පැවැත් විණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුවත් කිරීම් වලට අනුව ඉදිරියේදී වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මෙහිදී පෙන්වා දුන්නේය.

රුපියල් 25000 ක පොහොර සහනාධාරය ලැබීමට කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 73864 ක් සුදුසුකම් ලබා ඇති අතර පළමු වටය සඳහා රුපියල් මිලියන 1107 ක් මේවනවිට ගෙවා ඇති බවත් , ආපදා හානි නොලැබූ ඉතිරි කුඹුරු සඳහා සහ එම මුදල් කඩිනමින් ලබා දෙන බව ගොවිජන සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත පුෂ්පකුමාර ප්‍රකාශ කළේය. ආපදා තත්ත්වය නිසා කුඹුරු හෙක්ටයාර 6793 කට පූර්ණ හානි ද හෙක්ටයාර 1901 කට අර්ධ හානි ද සිදුවී ඇති බවත් එයින් කුඹුරු 5983 ක් නැවත වගා කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 879 ක් ගෙවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. හානි වූ බිම් ප්‍රමාණය දිස්ත්‍රික්කයේ වගා කර ඇති මුළු බිම් ප්‍රමාණය වන හෙක්ටයාර 74533 න් සීයට 4 ක පමණ ප්‍රමාණයක් වන බැවින් අස්වැන්නට ඉන් බලපෑමක් සිදු නොවන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා⁣ පෙන්වා දුන්නේය.

සුළි කුණාටුවෙන් හානි වූ අමතර භෝග හෙක්ටයාර 1256 ක් වන්දි ගෙවීම් කටයුතු සඳහා පේරාදෙණිය ප්‍රධාන කාර්යාලයට යොමු කර ඇති බවත් , ආපදාවෙන් ඇති විය හැකි ආහාර හිඟයට මුහුණ දීම සඳහා ගෙවතු 25000 ක් ඇති කිරීමේ වැඩසටහන යටතේ බීජ පැකට් 17500 ක් බෙදා හැර ඇති බවත් පළාත් කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ අයි.ඒ.ආර්.දමයන්ති ප්‍රකාශ කළාය.

පොහොර සහනාධාර මුදල් ලබා දීමත් සමග යූරියා භාවිතය සීයට 63 ක්ද, ටී.එස්.පී. සීයට 63 ක්ද, එම්.ඕ.පී. සීයට 48 ක්ද පමණ අඩු ප්‍රතිශතයක් දක්නට ලැබුණු බැවින් මෙයට විසඳුමක් ලෙස ඉදිරි වසරේදී ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට නියමිත බවත් පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ එම්.ඩී.සී. සම්පත් ප්‍රකාශ කළේය.

මේවන විටත් ඇතැම් ස්ථානවල වී අස්වනු නෙළීම් ආරම්භ වී ඇති බැවින් වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කළ යුතු බව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් අරුණ ප්‍රියංකර ඇතුළු සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් හා ගොවි නියෝජිතයන් ද සහභාගි වූහ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us