ඒ අනුව අස්වැසුම පළමු අදියරට අදාළව රු. 11,234,713,750,00ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1.415.584ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.
අස්වැසුම පළමු අදියරට අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව ලෙස රු.3,092,200,000.00 මුදලක් ප්‍රතිලාභීන් 618,440 ක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුමට බැර කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම අස්වැසුම දෙවන අදියරට අදාළ ජනවාරි මස දීමනාව ලෙස රු.2,235,137,500.00 මුදලක් ප්‍රතිලාභී පවුල් 248,454 ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
අස්වැසුම දෙවන අදියරට අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව ලෙස රු. 340,915,000.00 මුදලක් ප්‍රතිලාභීන් 68,183 ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස වැසුම ගිණුමට බැර කිරීමට නියමිතයි.

