එම රෝගින් අතුරින් පසුගිය වසර තුළදී මරණ තිහක් වාර්තා වී ඇති අතර නව ආසාදිතයන් හයසිය තිස්නවදෙනකු (639) වාර්තා වී ඇත.
මෙම රෝගින් අතර වැඩි පිරිසක් සිටින්නේ පිරිමි පුද්ගලයන් බවද ජාතික ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.
අවුරුදු පහළොවත් විසිහතරත් අතර වයස් කාණ්ඩයේ රෝගින්ගේ විශාල වැඩිවිමක් ඇති බවත් එම පිරිසගෙනුත් අවුරුදු විස්සත් විසිහතරත් අතර තරුණයන්ගේ වැඩිවීමක් ඇති බව දත්ත වාර්තා පවසයි.
කෙසේ වුවවද එච් අයි වී වයිරසය අසාදනය වීමේ අවදානම අඩුකර ගැනීමට හැකියාව ඇති බවත් ඒ සඳහා ප්‍රෙප් නමින් ප්‍රතිකාර සේවයක් ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායන හතළිස් හතෙන්ම ලබා ගත හැකි බවද ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

