GMOA අවසන් තීරණය සදහා සෞඛ්‍ය ඇමතිට පැය 48 ක් කල් දෙයි

Published in පුවත්
Wednesday, 28 January 2026 19:23

වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ඉල්ලමින් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සාධනීය මැදිහත්වීමක් සිදු නොකළහොත් එළඹෙන පැය 48ක කාලයෙන් පසුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (28) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වූ අතර එහිදී විධායක සභාවට ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පූර්ණ අවස්ථාව ලබාදී තිබේ.

අද පැවැති මධ්‍යම කාරක සභාවේදී තීන්දු කිහිපයකට එළඹ ඇති අතර දැනට ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩ තවදුරටත් සිදුකිරීමට එහිදී තීරණය කර ඇත.

රෝහල් තුළ නොමැති ඖෂධ පිටතින් රැගෙනඒම සඳහා තුණ්ඩු ලිවීම තවදුරටත් සිදු නොකෙරෙන අතර දේශපාලන කණ්ඩායම්වලින් සිදුකෙරෙන සෞඛ්‍ය කඳවුරු සඳහා සහභාගී නොවීමටද මෙහිදී තීරණය කර තිබේ.

එමෙන්ම ද්‍යෛවරු ප්‍රමාණවත් නොමැති රෝහල් තුළ ඉදිකෙරෙන වාට්ටු සහ ඒකක ඉදිකිරීම් අවස්ථා සඳහා සහභාගී නොවීමට ද අද පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us