IMF නියෝජිතයින් කණ්ඩායමක් යළි දිවයිනට පැමිණීමට සැලසුම්

Published in පුවත්
Thursday, 29 January 2026 15:00

ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ පස් වැනි සමාලෝචනය සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට, හැකි ඉක්මනින් IMF නියෝජිතයින් කණ්ඩායමක් යළි දිවයිනට පැමිණීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකාවේ IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපාජෝජියෝ මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් පසුවද IMF වැඩසටහන ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවය.

මේ අතර අර්බුදය උත්සන්නව පැවති අවස්ථාවේ සිට මේ දක්වා වර්ධනය උදෙසා සැලකියයුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සඳහන් කළේය.

"මූල්‍ය අංශයේ ආදායම් ශක්තිමත් ලෙස එක්රැස් කිරීම, සමාජ ප්‍රතිසංස්කරණ සහ සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම වැඩසටහනේ පළමු කුලුන වනවා.

දෙවැනි කුලුන වන්නේ ණය තිරසරභාවය ස්ථාපිත කිරීම, මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යාම හා ණය ප්‍රතිව්‍යුහගතකරණය එහි දෙවැනි කුලුනයි. මිල ස්ථාවරත්වය ඇතිකිරීම එහි තුන්වැනි කුලුන වන අතර ඊට විදේශ සංචිත ඇතුළු බාහිර අවශ්‍යතා ශක්තිමත් කරලීමත් ඇතුළත් වනවා.

හතරවැන්න වන්නේ මූල්‍ය ස්ථාවරත්වය ඇතිකිරීමයි. අවසාන වශයෙන් පාලනය වැඩිදියුණු කිරීම සහ දූෂණය අවම කිරීම සිදුකළ යුතුයි.

මේ දක්වා මෙම අරමුණු සඳහා ලබා ඇති ප්‍රගතිය ඇත්තෙන්ම විශිෂ්ටයි. ඒගැන අංශ කිහිපයකින් අපිට තෘප්තිමත් වන්න පුළුවන්. අර්බුදය උත්සන්නව පැවති අවස්ථාවේ සිට මේ දක්වා වර්ධනය උදෙසා සැලකියයුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. වර්ධනය කැපී පෙනෙන අන්දමින් ප්‍රකෘතිමත් බැවින් පසුගිය වසරේදී 5%ක වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රගතියක් ලෙස බදු ආදායම් අර්බුදය පැවති සමයේ 7.3%ක් වුවත් අද එය 14.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමගින් ලක් රජය සහ ශ්‍රී ලාංකීය ජනතාව දරන ලද ප්‍රගතියත් පිළබිඹු කෙරෙනවා.
ආදායම තුළ දේශිය නිෂ්පාදනත් කොටසක් ලෙස ඉහළ නැංවීම මූල්‍ය ස්ථාවරත්වය සඳහා පදනම සකසනවා.

මිල ගණන් සැලකූ විට මීට දෙතුන් වසරකට පෙර මම පළමු මාධ්‍ය හමුවට සහභාගී වෙද්දී උද්ධමනය 70% ක් තරම් ඉහළ මට්ටමක පැවතුනා.

අද එය 2%ත් 3%ත් අතර පවතින අතර මහබැංකුවේ ඉලක්කය වන 5% ක මට්ටමේ ස්ථාවර වේවි."

මේ අතර දිට්වා සුළිකුණාටුවෙන් අනතුරුව වූවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ඉතා ශක්තිමත්ව ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකාවේ IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාාජෝ(ර්)ජියෝ කීය.

"තව සතියකින් පමණ අප නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනවා. වැඩසටහනේ මීළඟ අදියරේදී දිට්වා සුළි කුණාටුවේ බලපෑම ඒහි නිරූපණය වියයුතු ආකාරය පිළිබදව සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වනවා. සිරිනිවාසන් මහතා පැවසූ ආකාරයෙන් වැඩසටහනේ මූලික අරමුණු එලෙසින්ම පවතිනවා. මොකද පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා සහ 28 වැනිදා පැවති සුළි කුණාටුවෙන් පසුවත් වැඩසටහන ශක්තිමත්ව ක්‍රියාත්මක වන බව කිවහැකියි."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us