නිදහස් සැමරුම වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් අද (30) සිට

Published in පුවත්
Friday, 30 January 2026 07:35

78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (30) සිට ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

ඒ අනුව අද (30), හෙට (31) සහ පෙබරවාරි 2 වන දින පෙරහුරු පුහුණුවීම් පැවැත්වෙන අතර එම දිනවල උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වා නිදහස් චතුරස්‍රය අවට මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමාකිරීම් පනවනු ඇත.

එමෙන්ම පෙබරවාරි 1 වන දින පෙ.ව. 5.00 සිට දහවල් 1.30 දක්වාත්, පෙබරවාරි 4 වන දින පෙ.ව. 5.00 සිට නිදහස් දින උත්සවය අවසන් වන තෙක් අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කරයි.

මෙම කාලය තුළ කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම, විකල්ප මාර්ග භාවිතා කිරීම වෙනුවෙන් මෙම විශේෂ රථවාහන සැළැස්ම ක්‍රියාත්මක කෙරේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us