මෙම පෙත්සම ඊයේ (29 වැනිදා) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේකා අහමඩ් අධිකරණයට දන්වා සිටියේ සිය ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට පැමිණීමට නොහැකි තත්ත්වයක් පවතින බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලදී.
එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි 23 කැඳවන ලෙස නියෝග කළේය. 2023 සැප්තැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි පන්තිය සඳහා විභාගය පැවැති බවත් ඒ සඳහා තමන් ද ඉදිරිපත් වූ අතර අපේක්ෂකයන් 735 දෙනකු සමත් වූ බවත් ඉන් පිරිසක් ඊට නුසුදුස්සන් බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
-අරුණ

