ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හෙට රැස්වීමට නියමිතව ඇතැයිද ජනාධිපති අනුර කුමාර දිසානායක විගණකාධිපති තනතුර සඳහා මේ වනවිට පස්දෙනකුගේ නම් ව්‍යවස්ථාදායක සභාව වෙත නිර්දේශ කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.
විගණකාධිපති ධුරයට සුදුසු අයෙක් හෙට පත්කරනු ඇතැයි රජයේ විගණන සේවා සංගම්ද විශ්වාසය පළ කරයි.
ජාතික විගණන කාර්යාලයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ලෙස කටයුතු කරන එල්. එස්. අයි. ජයරත්න මහත්මියගේ නම ජනාධිපතිවරයා විසින් ඉකුත් සිකුරාදා (30 වැනිදා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට යොමු කර තිබේ.
ඒ අනුව බොහෝවිට ශ්‍රී ලංකාවේ 42 වැනි විගණකාධිපති ලෙස එල්. එස්. අයි. ජයරත්න පත්විය හැකි බවත්, විගණකාධිපතිවරයාගේ අදාළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මගින් අනුමත කළ යුතුවත් තිබේ.
එල්. එස්. අයි. ජයරත්න මහත්මිය විගණකාධිපති ලෙස පත්කරනු ලැබුවහොත් වසර 227ක් පැරැණි විගණන දෙපාර්තමේන්තු ඉතිහාසයේ විගණකාධිපති තනතුරට කාන්තාවක් පත්වන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

