නිදහස වෙනුවෙන් යුද්ධ හමුදාවේ 9,158 දෙනෙකුට උසස් වීම්

Published in පුවත්
Wednesday, 04 February 2026 09:11

අදට (04) යෙදෙන ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හි සෙසු නිලයන් 9,158 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයන් දක්වා උසස් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හි සේවයේ නියුතු සෙසු නිළයන් බළලත් නිලධාරී II නිලයේ සිට බළලත් නිලධාරී I නිලය දක්වා 260 දෙනෙකු ද, මාණ්ඩලික සැරයන් නිළයේ සිට බළලත් නිලධාරී II දක්වා 1,211 දෙනෙකු ද, සැරයන් නිලයේ සිට මාණ්ඩලික සැරයන් දක්වා 1,704 දෙනෙකු ද, කෝප්‍රල් නිලයේ සිට සැරයන් දක්වා 2,339 දෙනෙකු ද, ලාන්ස් කෝප්‍රල් නිලයේ සිට කෝප්‍රල් දක්වා 2,204 දෙනෙකු ද සහ සාමාන්‍ය සෙබළ නිලයේ සිට ලාන්ස් කෝප්‍රල් දක්වා 1,440 දෙනෙකු උසස්වීම් සිදුකර ඇතැයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිවේදනය කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us