ආපදාවෙන් විපතට පත් කොළඹ සිසුන්ගේ දීමනාව 11,964කට ගෙවා නැති බව අනාවරණයක්

Published in පුවත්
Thursday, 05 February 2026 09:39

“දිට්වා’’ සුළි කුණාටු තත්ත්වය නිසා බලපෑමට ලක්වූ පාසල් සිසුන්ට පොත්පත් හා ඇඳුම් මිලදී ගැනීම සඳහා ලබාදෙන රුපියල් 15,000 ක දීමනාව ලබා ගැනීමට කොළඹ දිස්ත්‍රික්කයට ලැබුණු අයැදුම්පත් 17,399 ක් අතරින් 11,964 කට තවදුරටත් එම දීමනාව ගෙවීමට නියමිත බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ඉකුත් 02 වැනිදා පෙරවරු 9.30 ට නිකුත් කරන ලද ප්‍රගති සටහනේ මෙම තොරතුරු සඳහන් කර තිබේ. ඉකුත් වසරේ නොවැම්බර් මස 26 වැනිදා සිට බලපෑ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පාසල් සිසුන්ට පොත් පත් හා ඇඳුම් මිලදී ගැනීමට රජයෙන් රුපියල් 15,000 ක දීමනාව ලබා දෙන්නේය.

දීමනාව ඉල්ලුම් කරන ලද කොළඹ දිස්ත්‍රික්කයේ අයැදුම්පත් අතරින් 5,166 කට මේ වනවිට දීමනාව ගෙවා තිබෙන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.

එවන ලද සම්පූර්ණ අයැදුම්පත් අතරින් ප්‍රතික්ෂේප කරන ලද අයැදුම්පත් සංඛ්‍යාව 48 ක් වන අතර ගැටලු සහිත අයැදුම්පත් සංඛ්‍යාව 48 කි. වැඩිම අයැදුම්පත් සංඛ්‍යාවක් යොමුකර ඇත්තේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වන අතර,එම කොට්ඨාසයේ එකදු අයැඳුම්පතක් සඳහාවත් මෙතෙක් ගෙවීම් කර නැති බව අදාළ වාර්තාවේ දැක්වේ. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් යොමුකර ඇති අයැදුම්පත් සංඛ්‍යාව 8,650 කි.

මේ සම්බන්ධව අප කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාරගෙන් විමසීමේදී කියා සිටියේ අදාළ දීමනා ගෙවීම සඳහා ප්‍රතිපාදන තිබෙන බවත්, එම දීමනා කඩිනමින් ගෙවීමට කටයුතු කරන බවත්ය.

“අපි රුපියල් 25,000 දීමනාව ගෙවනවා, රුපියල් 50,000 දීමනා ගෙවීම්ද සිදුකරනවා. රුපියල් 25,000 දීමනාවට අදාළව කොළඹ දිස්ත්‍රික්කයෙන් අයැදුම්පත් 52,000 ක් ලැබී තිබෙනවා. එතකොට ඒක ගෙවීම අවසන් කර තිබෙනවා. රුපියල් 50,000 ට අදාළව අයැදුම්පත් 37,000 ක් ලැබී තිබෙනවා. ඉන් සියයට 90 ක්ම ගෙවා අවසන්. දැන් රුපියල් 15,000 දීමනාව ගෙවීම ආරම්භ කරලා තිබෙනවා. නමුත්, කොළොන්නාව වැනි ප්‍රදේශවල තව ගෙවීමට තිබෙනවා. හැම අයැදුම්පත්‍රයක්ම පරීක්ෂා කරලයි ගෙවීම සිදු කරන්නේ. කොළොන්නාව වැනි ප්‍රදේශවල නිවාස හානිවලට අදාළව ගෙවල් පමණක් 30,000 ක් පරීක්ෂා කිරීමට තිබෙනවා. ඒ සඳහා යම් කාලයක් ගතවෙනවා. ලබන සතිය වෙද්දී නිවාස ආධාර සහ රුපියල් 15,000 යි දෙකම ගෙවනවා.’’ යැයිද දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us