එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.
පෙත්සමේ සඳහන්වෙන්නේ, කුලී නිවැසියන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ වුවත්, එහි සංග්‍රහණය නිසා ඉඩම් හිමියන්ට සහ නිවාස හිමියන්ට අගතියක් සිදුවන බවය.
එමෙන්ම, අදාළ පනත් කෙටුම්පතේ අංක 01 සිට 14 දක්වා වූ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංශ 3 සහ 4 මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව පෙත්සම්කරු චෝදනා කර ඇත.
ඒ අනුව, අදාළ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දීමට පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීම් කර තිබේ

