තැපැල් ගාස්තු සංශෝධනයන් අද (09) සිට

Published in පුවත්
Monday, 09 February 2026 09:23

තැපැල් ගාස්තු සංශෝධනයන් අද (09) සිට ක්‍රියාත්මක කරන බව තැපැල් දෙපාර්තමේන්තුව දන්වා සිටී.

ඒ අනුව මෙතෙක් මෙතෙක් පැවැති සාමාන්‍ය ලිපියක ගාස්තුව රුපියල් 50 සිට 70 දක්වා ඉහළ දමා ඇති අතර ලියාපදිංචි තැපැල් ගාස්තුව පෙර පැවති රුපියල් 60 මිලෙහිම පවතියි.

සාමාන්‍ය සහ ව්‍යාපාරික ලිපි සේවාවේ මුලික බර පංතිය ග්‍රෑම් 20 සිට ග්‍රැම් 30 දක්වා සංශෝධනය කර ඇති අතර පත්‍රිකාවක හෝ පත්‍රිකා කට්ටලයක උපරිම බර ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 120 දක්වා සංශෝධනය කර ඇති බව ද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පුණ්‍යොයතන, සමාජ සේවා, ස්වෙච්ඡා සංවිධානවලින් තැපැල් කරන ලිපි සදහා මෙතෙක් අය කළ රුපියල් 30ක ගාස්තුව රුපියල් 50 දක්වාද ඉහළ දමා තිබේ.

අමාත්‍යාංශ හා රාජ්‍ය දෙපාර්තමේන්තු වෙත තැපැල් භාණ්ඩ ලියාපදිංචිය වෙනුවෙන් ලබාදෙන විශේෂ සේවාව යටතේ අයකළ ගාස්තුව රුපියල් 110 සිට 130 දක්වා ඉහළ දමා ඇති අතර තැපැල් පතක ගාස්තුව රුපියල් 20 සිට 40 දක්වා ඉහළ දමා ඇත.

කෙසේවෙතත් සාමාන්‍ය පාර්සල් ගාස්තුව සහ ශ්‍රී ලංකා පෝස්ට් කුරියර් සේවාව සඳහා අයකරන ගාස්තු, සංශෝධනය නොකරන බව ද තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

ඊට අමතරව තැපැල්පත් ගාස්තු ප්‍රචාරණ තැපැල් සේවාව, ටෙලිමේල් සේවාව, මුද්දර කවර, තැපැල් මළු සේවාව, ගාස්තු නොගෙවූ හෝ අඩුවෙන් ගාස්තු ගෙවූ තැපැල් භාණ්ඩ සදහා අවම අධි භාරය ද සංශෝධනය කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us