ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අගමැතිවරයා අතර ඊයේ (09) සිදුවූ දුරකතන සංවාදයෙන් අතරතුරුවයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ‘X’ ගිණුමේ සටහනක් තබමින් පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ට සිය කෘතඥතාව පළ කර තිබෙනවා.
“අප කවුරුත් ආදරය කරන ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාමට සහතික වීම ගැන අගමැතිතුමනි ඔබට ස්තුතියි. කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු – පකිස්ථාන තරගය සැලසුම් කළ පරිදිම පැවැත්වීම ගැන මා අතිශය සතුටට පත්වෙනවා” යැයි ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබෙනවා.

