විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විදත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ළඟ තබා ගැනීම මෙහිදී සපුරා තහනම්.
යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් මේ නියෝග නොසලකා ක්‍රියා කළොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශ්වය නීතිය හමුවේ වරදකරුවකු වන බව ද විභාග කොමසාරිස්වරිය පැවසුවා.
කිසියම් තැනැත්තකු හෝ ආයතනයක් හෝ පාර්ශ්වයක් මේ නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළොත් ඒ පිළිබඳව ළඟම පොලිස් ස්ථානය හෝ පොලිස් මූලස්ථානය හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්න්තුව වෙත පැමිණිලි කළ හැකියි.
විභාගය සම්බන්ධයෙන් පැමිණිලි වෙතොත් 011-2421111 මඟින් පොලිස් මූලස්ථානයට හෝ 119 මඟින් පොලිස් හදිසි ඇමතුම් අංකයට හෝ 1911 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකයට හෝ 011-2784208, 011-2784537 පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත දැනුම් දිය හැකියි.

