දේශබන්දු පත් කිරීමට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

Published in පුවත්
Thursday, 12 February 2026 19:58

පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කර තිබෙනවා.

අගරදගුරු හිමිපාණන් සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එය අද (12) කැඳවූවා.

මීට පෙර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එහිදි කියා සිටියේ තමන් තවදුරටත් සිය සේවා දායකයා වෙනුවෙන් පෙනී නොසිටින අතර ඊට අදාල පෙරකලාසීය ඉවත් කරගෙන තිබෙන බවයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට පොලිස්පති ධූරයෙන් ඉවත් කර ඇති බැවින් මෙම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ පදනමක් නොමැති බව හිටපු කතානායකවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් තීන්දුවක් අපේක්ෂා කරන බවයි.

එහිදි අගවිනිසුරුවරයා පැවසුවේ හිටපු පොලිස්පතිවරයා ඉවත් කර ඇති බැවින් මෙම නඩුව විභාග කිරීම ” පාලු ගෙදර වලං බිඳීම” වැනි ක්‍රියාවක් විය හැකි බවයි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කරුණු දක්වමින් මෙම පෙත්සම්වල වග උත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටින වත්මන් ජනාධිපතිවරයා සිය ලේකම්වරයා මාර්ගයෙන් ඉකුත් වසරේ ජනවාරි (28) වනදා දිවුරුම් ප්‍රකාශයක් මගින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව අනුගමනය කළ ක්‍රියාපටිපාටිය දෝෂ සහගත බව ප්‍රකාශ කර ඇති බව සඳහන් කළා.

එම කරුණු සම්බන්ධයෙන් සලකා බැලූ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන එම කරුණ අධිකරණය හමුවේ සටහන් තැබීමෙන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමට එකඟතාව පළ කළා.

ඒ අනුවයි පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කෙරුණේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us