පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනතේ දෙවන වර කියවීමේ විවාදය අද

Published in පුවත්
Tuesday, 17 February 2026 09:14

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (17) පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 11.30 සිට පස්වරු 5 දක්වා ඊට අදාළ විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

පෙබරවාරි මාසයේ දෙවන පාර්ලිමේන්තු සතිය අද සිට ලබන 20 වන දින දක්වා රැස්වීමට නියමිතව තිබේ.

අද දිනයේ පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව කථානයක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර පෙරවරු 11.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු සහ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවේය.

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට අමතරව අද දිනයේ දී මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත් ඒ පිළිබදව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම සදහා වූ යෝජනාව ද අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us