ආණ්ඩුව, ලංකා සීනි සමාගමට පත් කළ දෙවෙනි සභාපතිත් ඉල්ලා අස්වෙයි Featured

Published in පුවත්
Wednesday, 18 February 2026 08:59

ලංකා සීනි සමාගම (පුද්ගලික) සමාගමේ (LSCPL) සභාපතිනිය ලෙස කටයුතු කළ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

මෙම ඉල්ලා අස්වීමට හේතුව ලෙස දැන ගැනීමට ලැබෙන්නේ, ඉහළ දේශපාලන අධිකාරියෙන් සහ ආණ්ඩු පාක්ෂික ප්‍රාදේශීය දේශපාලකයන්ගෙන් එල්ල වන පිඩනය තවදුරටත් දරා ගැනීමට නොහැකි වීම නිසා ඇය මෙම තීරණය ගෙන ඇති බවය.

විශේෂයෙන්ම භාණ්ඩාගාරය නිකුත් කර තිබෙන චක්‍ර ලේඛ වලට පටහැනිව තීන්දු ගැනීමට බලකිරීම් ගනනාවක් සිදුව ඇති පසුබිමක ඇය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.

සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය, කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතිය - මහජන නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරණියක් වන අතර නීති වෘත්තිකයෙක් ලෙසද කටයුතු කරයි. එසේම ඇය මීට පෙර පෞද්ගලික සමාගම් කිහිපයක වගකීම් උසුලමින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ අත්දැකීම් රැසක් ඇති අයෙකු වෙනවා.

වත්මන් ආණ්ඩුව යටතේ මීට පෙර ලංකා සීනි සමාගමේ සභාපති ලෙස පත් කළ රුක්ෂාන් ගුණතිලක මහතා ද ඉල්ලා අස් වූ අතර එයට හේතු වී තිබුණේ ද නීතියට පිටින් කටයුතු කිරීම සඳහා ආණ්ඩුවේ දේශපාලකයන්ගෙන් එල්ල වු බලපෑමය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us